සංඝමිත්තා බාලිකා විද්‍යාලය

පොසොන් බැති ගී සරණිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
  • පන්තියෙන් බැහැර යාමේදී , 
  • නියමිත අවසර පත්‍රය ඇතැතිව විය යුතුය
  • පන්ති පැවැත්වෙන කාල සීමාව තුළදී පෞද්ගලික වශ්‍යතා සඳහා පන්තියෙන් බැහැරව යා හැක්කේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට පමණි. පළමුව බැහැර ගිය ශිෂ්‍යාව පංතියට ආපසු පැමිණෙන තෙක් අන් අයට බැහැරයා නොහැක.
  • පන්තියෙන් බැහැරව යාම පන්තිභාර ගුරු භවතා හෝ පන්තියට පැමිණෙන වෙනත් ගුරු බවතෙකු හෝ පන්ති නායිකාව දැනුවත් විය යුතුය
  • සෞන්දර්ය, ක්‍රීඩා, පුස්තකාල, විද්‍යාගාර ආදී කටයුතු සඳහා බැහැරව යාමේදී පේළියක් වශයෙන් (කණ්ඩායම් වශයෙන් නොව) ගමන් කළ යුතුය. 
  • පන්ති කාමරවල ඉගැන්වීම් කටයුතු සිදු කරන අවස්ථාවලදී ිසිදු ශිෂ්‍යාවකට වෙනත් කාර්යයන් සඳහා සහභාගී වීමට පංතිහෙන් බැහැරව යා නොහැක. එසේ සහභාගී වීම අත්‍යවශ්‍ය වූ විටෙකදී පමණක් ම විදුහල්පතිනියගේ අවසරය ඇතිව එය සිදුවිය යුතුය.
  • විදුහලෙන් බැහැරව යාමේදී, 
  • කිසිම විටක පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා විදුහලෙන් බැහැරව යා නොහැක. 
  • විද්‍යාලයීය අවශ්‍යතාවන් මත හෝ විෂය සමගාමී හෝ විෂය බාහිර කටයුතු සඳහා පහසුවෙන් බැහැරව යා නොහැක. එවැනි අවස්ථාවකදී පන්තිභාර ගුරුභාවතා දැනුවත්ව විදුහල්පතිනියගේ අවසරය ඇතිව අදාළ ගුරුභවතෙකු සමග යා යුතුය.
  • හදිසි අසනීප තත්ත්වයක් වැනි අත්‍යවශ්‍ය කරුණකදී ස්ථිර වශයෙන් පාසලින් බැහැරව යන්නේ නම් ඒ සඳහා අවසර ලැබෙනුයේ මව හෝ පියා සමග යාමට පමණි. ඒ සඳහා පූර්ණ අනුමැතිය නියෝජ්‍ය විදුහල්පතිනියගෙන් ලිඛිතව ලබාගත යුතුය. නියෝජ්‍ය විදුහල්පතිනිය පැමිණ නොමැති නම් අංශ භාර ගුරු භාවිතාගේ අනුමැතිය ලබාගත යුතුය.
  • පෞද්ගලිකේ හේතු මත පාසලින් බැහැරව යාමකදී එය ශිෂ්‍ය වාර්තා පොතේ සටහන් විය යුතුය. 
    පාසල් වේලාව තුළදී හේතු රහිතව අනවසරයෙන් පාසලින් බැහැරව යාම හෝ පන්ති වලට සහභාගී නොවී සිටීම දඩුවම් ලැබිය හැකි වරදකි.